බාලදක්ෂිකාවන්ගේ කුසලතා ආකල්ප වර්ධනයට බාලදක්ෂිකා සංගමයෙන් මහත් මෙහෙවරක් ඉටු වෙනවා -සරෝජා ප්‍රනාන්දු
- 2019-10-01 09:55:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
“ජීවිතයේ ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණ දීමට අවශ්‍ය ශක්තිය බාලදක්ෂ ව්‍යාපාරය මගින් දරැවන්ට ලබා දෙනවා. අද සමාජයේ කිසිඳු තැනක දක්නට නොලැබෙන සාමූහිකත්වය, සහෝදරත්වය හා අවංකභාවය වැනි උදාර ගුණාංග දරැවන් තුළ ඇති කිරීමට ද බාලදක්ෂ ව්‍යාපාරය කටයුතු කරනවා.*
ගාල්ල ප්‍රාදේශීය බාලදක්ෂිකා කොමසාරිස් සරෝජා ප්‍රනාන්දු මහත්මිය ගාල්ල දඩල්ල ටී.බී.එස්.විද්‍යාලයේ පැවති කුඩා මිතුරියන්ට නවක පෙළ පදක්කම් සහ බාලදක්ෂිකාවනට රන් තීරැව පැලඳවීමේ උත්සවයට සහභාගි වෙමින් එසේ කීවාය.
විදුහල්පති පී.ටී.හපුගොඩ මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයේ කුඩා මිතුරි නායිකා උදේනිකා ආරියසිරි මහත්මිය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. එහිදී තවදුරටත් අදහස් පළකර සිටි සරෝජා ප්‍රනාන්දු මහත්මිය මෙසේද කීවාය.
“දැනුම පමණක් මූලික කොටගත් අධ්‍යාපන ක්‍රමයකින් මනා පෞරැෂ්‍යක් සහිත දරැවන් බිහිවන්නෙ නැහැ. මේ නිසා විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ද වැඩිපුර දරැවන් යොමු කර ඔවුන්ගේ කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමට පියවර ගත යුතුයි. මනා සංයමයකින් යුතු කාන්තා පරපුරක් මේ රටට දායාද කරන්නට ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය බැඳී සිටිනවා.*

(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments