Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ බාලදක්ෂ හා සේවා සම්බන්ධතා සතිය 2016 ජූලි මස 01 වැනි දින සිට ජූලි 10 දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා දියත් කෙරෙන වැඩ සතියේ සමාරම්භය වෙනුවෙන් කොළඹ, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ බාලදක්ෂයන් හා පෝතක බාලදක්ෂයන් පිරිසක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී හමුවිය.
දිවයින පුරා බාලදක්ෂයන් හා පෝතක බාලදක්ෂයන් මෙම කාලවකවානුවේදී කණ්ඩායම් වශයෙන් සමාජය තුළ විවිධ සේවාවන් ඉටු කිරීමට බලාපොරොත්තු වන අතර කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, සමාජය තුළ බාලදක්ෂ සේවාවන් ප්‍රචලිත කිරීම සහ සම්බන්ධතා ගොඩනඟා ගැනීම ප්‍රධාන අරමුණ වේ. එමෙන්ම සමාජයට තම සේවාවන් ලබා දෙමින් කිසියම් මුදලක් උපයා ගැනීමට ද මේ කාළය තුළ ඔවුන් කටයුතු කරයි. 
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ බාලදක්ෂයන් පසුගිය වසරේ ජාතික බාලදක්ෂ වැඩ සතිය තුළදී දිවයිනේ වැඩිම මුදලක් උපයා ගත් බාලදක්ෂ සමූහය ද වේ. අධ්‍යාපන අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශය පරිශ්‍රය හා අවට පරිසරය පවිත්‍ර කිරීමේ කටයුතුවල ද මෙම බාලදක්ෂ පිරිස නිරත විය.
මෙම අවස්ථාවට සමුහ බාලදක්ෂ නායිකා වත්සලා විජේවික්‍රම මහත්මිය, කොළඹ දිසා කොමසාරිස් සුරේන් වික්‍රමතිලක මහතා ඇතුලු පිරිසක් ද සහභාගි වුහ.

13532954_10154343379059060_5808941914233301416_n 13566957_10154343378919060_424884023093424397_n 13592806_10154343379174060_6563924299618407114_n

ඡායාරූප-අධ්‍යාපන අමාත්‍යාංශය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.