Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බූස්ස ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී සුමේධ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්වීණි. ප්‍රධානාචාර්ය සහ විහාරාධිපති සූරියවැව ගුණනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි දහම් පාසල් ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. 
මෙම උත්සවයේදී අනුශාසනාවක් කළ කොළඹ, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආචාර්ය කන්තලේ සිරිනන්ද හිමියෝ දරැවන්ගේ ඔළුව, හදවත සහ දෑත හැදීමේ කලාව දහම් පාසලකින් සිදුවිය යුතු බවත් දරැවන්ගේ ඔළුව කාලයට ගැළපෙන  ලෙස සෑදිය යුතු බවත් දරැවන්ගේ ඔළුව, හදවත හා දෑත සෑදීම තුළින් වඩාත් නිර්මාණශීලී සහ සාරධර්ම හොඳින් රකින, මනා පෞරැෂයක් සහිත දරැවන් දහම් පාසල් තුළින් රටට දායාද කළ හැකි බවත් සඳහන් කළහ.
එහිදී තවදුරටත් අදහස් පළකර සිටි උන්වහන්සේ මෙසේද කීහ.
දරැවෙකු පාසලකට සහ දහම් පාසල් යැව්ව පමණින් ඔහු යහපත් දරැවෙකු වෙන්නෙ නැහැ. යහපත් දරැවෙකු හදාගන්න නම් මාපියන් සහ දරැවන් විසින් කළ යුතු ප්‍රධාන කාරණා බොහොමයක් තිබෙනවා. වයස අවුරැදු 18 ට අඩු කිසිම දරැවෙකුට මවුපියන් විසින් ස්මාර්ට් ජංගම දුරකථන ලබා නොදිය යුතුයි. එවැනි ජංගම දුරකථනයක් දරැවෙකුට දීම මුළු ලෝකයම ඔහුට දුන්නා හා සමානයි. බොහෝ දරැවන් ජංගම දුරකථන භාවිත කරමින් කරන්නෙ කරන්න ඕන දේවල් නොවෙයි. රෑපවාහිනිය ඇතුළු විවිධ මාධ්‍යයන්ගෙන් ද දරැවන් ආරක්ෂා කරගන්න අද මවුපියන්ට සිදුව තිබෙනවා.
බොහෝ දරැවන් වැඩිහිටියන් කරන කියන දේවල් බලාගෙන ඉඳලා,අහගෙන ඉඳලා ඔවුනුත් ඒ දේවල්ම කරනවා. වැඩිහිටියන් අසභ්‍ය වචන කතා කරන විට දරැවොත් ඒවා නිරායාසයෙන්ම ඉගෙන ගන්නවා. ඉතිහාසය දන්න, සදාචාරය සහ සභ්‍යත්වය රකින ගුණගරැක දරැ පරපුරක් බිහි කරන්නට දහම් පාසල් මුල්විය යුතුයි. දහම් අධ්‍යාපනය නොලබන දරැවන්ට වඩා දහම් අධ්‍යාපනයේ නිරත දරැවන් තුළ බොහෝ වෙනස්කම් දැකිය හැකියි. දහම් අධ්‍යාපනයේ නිරත දරැවෝ වැරදි වැඩ කරන්න බයයි. වරදක් කළත් ඒ වරද පිළිගන්න කැමති වෙනවා.
තංගල්ලේ අනුරැද්ධ, හෑගොඩ අස්සජී, කන්තලේ සම්බෝධි යන හිමිවරැ ද මෙම උත්සවයට වැඩම කළහ. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු බණ්ඩාර, තෘතියික අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ එස්. රෑපසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් ද සිල්වා, රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් විතානගේ යන මහත්වරැ ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ. 
(රත්ගම ගාමිණී මහදුර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.