බෝසත් දම්පල් හරසර කථික තරගයේ ජය උෂාන්ට
- 2019-03-05 18:55:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බුද්ධා ශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වී සංවිධානය කළ බෝසත් දම්පල් හරසර - 2018 අනගාරික ධර්මපාල තුමා පිළිබඳ 154 වෙනි ජන්මදින සැමරැම් අන්තර් දහම් පාසල් කථික තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට වාද්දුව ශ්‍රී අන්ද්‍රික් ග්‍රේරැ දහම් පාසලේ අයි.ඩී. උෂාන් අංජන සිසුවා සමත් වූයේය.
දිවයිනේ දිස්ත්‍රික්ක 25 න් තෝරා ගත් දක්ෂ කථිකයන් සහභාගි වූ අවසන් තරගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්වරැ සහභාගි වූහ. පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සමරැ කමිටුව මගින් මෙම තරගය සංවිධානය කෙරැණි.
Reply To:
Name - Reply Comment
0 Comments