බ/ හාලිඇළ ජාතික පාසලේ පුරාවිද්‍යා ප්‍රදර්ශනයක්
- 2017-10-10 20:31:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල්වල ඉතිහාසය විෂයය හදාරන සිසුන් උදෙසා හාලිඇළ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් විශේෂයෙන් සංවිධානය කෙරැණු පුරාවිද්‍යා අධ්‍යාපනික ප්‍රදර්ශනයක් බ/ හාලිඇළ ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.
විශේෂයෙන් 7- 10 දක්වා පන්තිවල ඉතිහාසය විෂයය නිර්දේශයේ අන්තර්ගත පාඩම්වලට අදාළව සිසුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් හාලිඇළ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා සාරංගි නිලූක්‍ෂිකා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත කොට්ඨාසයේ සමාජ විද්‍යා ගුරැ උපදේශිකා භද්‍රා වන්නිගම මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය බදුල්ල පුරාවිද්‍යා කාර්යාලයේද සහයෝගයෙන් මෙම ප්‍ර දර්ශනය සංවිධානය කොට තිබිණි.
මෙහි සමාරම්භක අවස්ථාවට මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඇතුළු ආරාධිත අමුත්තෝ හා ප්‍රදේශයේ පාසල්වල සිසු ද සිසුවියෝ විශාල පිරිසක්ද එක්වූහ.
(හාලිඇල- විජේරත්න රත්නායක)
Reply To:
Name - Reply Comment
0 Comments