මණ්ඩාවිල මහින්ද කනිෂ්ඨයේ නව ශිෂ්‍යනායකයෝ දිවුරැම් දෙති
- 2018-08-14 19:11:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දොම්පේ මණ්ඩාවිල මහින්ද කනිෂ්ඨ විදුහලේ 2018 ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම විදුහල්පති නිහාල් මාගම්මන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා එම විදුහලේදී සිදු කෙරිණ. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරැණා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේය.
මෙදින විදුහලේ ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස අශාන් ගිම්හාන ලාංඡනය පැලඳීය. විදුහලේ සිසු සිසුවියන් 19 දෙනෙක් ශිෂ්‍යනායක ධුරයේ ප්‍රතිඥා දුන්හ. ශිෂ්‍යනායක භාර ආචාරිනිය වශයෙන් කේ.ඩි.එස්.කුමුදුනී යන මහත්මිය කටයුතු කරයි. දොම්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සමීර මාගම්මන ,කෑරගල සංඝරාජ විදුහලේ විදුහල්පති නිහාල් වාරියප්පෙරුම , ආදී ශිෂ්‍ය සංගමයේ රෝහිත විජේතුංග, ජනක චන්ද්‍රසිරි යන මහත්වරැද , විදුහලේ ගුරැවරැ හා සිසුවෝද මවුපියෝද මේ අවස්ථාවට සහභාගි වූහ.
(කිරිදිවැල - උපාලි රණවීර)
Reply To:
Name - Reply Comment
0 Comments