මතුගම ආනන්ද බාලදක්ෂිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2019-06-17 10:06:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ බාලදක්ෂිකා නිල ලාංඡන පැලඳවීමේ උත්සවය කළුතර දිස්ත්‍රික් බාලදක්ෂිකා කොමසාරිස් කල්‍යාණි මාලේවන මෙනවියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. මෙහිදී අරලිය,නෙළුම්,හීන්බෝවිටියා,සූරියකාන්ත,රෝස සහ ඕකිඩ් යන කණ්ඩායම්වල සිසුවියන්ට පදක්කම් පැලඳවීම සිදු කෙරිණි.
සිසුවියන් ඉදිරිපත් කළ නර්තන අංග රුසකින් උත්සවය අලංකාර විය.දෙවැනි පෙළ බාලදක්ෂිකා කණ්ඩායමේ සිසුවියෝ ඊට සහයෝගයක් ලබාදුන්හ.
මතුගම කලාපයේ බාලදක්ෂිකා කොමසාරිස් සුසිලා ප්‍රනාන්දු ,ඕමත්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ බාලදක්ෂිකා අංශය භාර නායිකා, අගලවත්ත කොට්ඨාසයේ බාලදක්ෂිකා කොමසාරිස් නිරංජි විජේගුණවර්ධන,මතුගම කලාපයේ හිටපු බාලදක්ෂිකා කොමසාරිස් හොරණ කලාපයේ හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා රමණි වික්‍රමනායක , විදුහල්පති රන්දුන් ජයලත් මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරියන් වන දම්මිකා කරැණාරත්න සහ මනෝජි ලංකාතිලක යන මහත්මීහු ද මේ අවස්ථාවට එක්වූහ.
විද්‍යාලයේ බාලදක්ෂිකා අංශය භාරව කටයුතු කරන චතුරිකා හපුගොඩ අලුත්වලව්ව සහ අයේෂා මිමැඩුම, තරංගා ලක්මාලි , සමාලි නන්දිතා යන ගුරැ මහත්මීහු උත්සවය සංවිධානය කළහ.
(විශ්ව ගැමුණු ප්‍රියංකර
Reply To:
Name - Reply Comment
0 Comments