මතුගම ආනන්ද ශාස්ත්‍රාලය 75 වැනි උපන් දිනය ජනපති සමග සමරයි
- 2017-02-23 17:37:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ 75 වන සංවත්සර උත්සවය අද (22) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දෙවන මහා ලෝක සංග්‍රාමය සමයේදී කොළඹ නගරාසන්න පාසල් බ්‍රිතාන්‍ය හමුදා කදවුරු බවට පත් වෙද්දි කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ශාඛාවක් වශයෙන් 1942 පෙබරවාරි 23 වනදා මතුගම ශ්‍රී සුදර්ශනාරාමයේදී මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ආරම්භ විය.
එතැන් පටන් දෙස් විදෙස් විද්වතුන් රැසක් බිහිකරමින් ස්වර්ණමය ඉතිහාසයකට හිමිකම් කියු මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ එදා මෙදා ගමන් මග ද මෙහිදි ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.
විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි කතෘ හිටපු මුදල් හා අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය දයා ටී. පස්කුවල් ශ්‍රීමතාණන්ගේ පිළිරුව නිරාවරණය කරමින් එහි සමරු ඵලකය මෙහිදී ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙෙරිණි.
විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර සිසුවෙකු විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිතුමාගේ රුව රැගත් ආලේඛ්‍ය චිත්‍රයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරික් ද විදුහල්පති රන්දුන් ජයලත් මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments