මතුගම ප්‍රථම සිඟිති බාලදක්ෂ කණ්ඩායම ආනන්ද ශාස්ත්‍රාලයෙන්
- 2018-06-08 15:29:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුගම අධ්‍යාපන කලාපයේ ප්‍රථම සිඟිති බාලදක්ෂ කණ්ඩායම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේදී ආරම්භ කෙරිණි. එහිදී දක්ෂයන් 69 දෙනකු වෙත පදක්කම් පැලඳවීම සහ සහතිකපත් ප්‍රදානය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම බිහිකළ ඩී. ඒ. වීරකෝන් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය. මතුගම කලාපයේ ප්‍රාථමික අධ්‍යක්ෂිකා ඒ. ජි. ටී. සි. කුමාරි, මතුගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා එන්. දසනායක, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති රන්දුන් ජයලත්, ප්‍රාථමික අංශයේ විදුහල්පති එස්. ඒ. පේමදාස, බාලදක්ෂ පෝතක ආචාර්ය සමාරා විජේසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස ප්‍රාථමික අංශයේ තූර්ය වාදක වෘන්දය මධ්‍යයේ පෙරහරින් රුගෙන යාම සිදු විය.
සතුට පදක්කම් ලාභීන් 20 දෙනෙකුද දිනුම පදක්කම් ලාභින් 49 දෙනකුද මෙදින වේදිකාවේදි ඇගයීමට ලක්කෙරිණි. ප්‍රාථමික අංශයේ සිඟිති බාලදක්ෂ අංශභාර ගයනි ජයවර්ධන සහ ඩබ්ලිව්. කේ ඩී. සඳමාලි යන මහත්මීහු උත්සවය සංවිධානය කළහ.
(විශ්ව ගැමුණු ප්‍රියංකර)
Reply To:
Name - Reply Comment
0 Comments