මතුගම පාන්තිය මහ විදුහල් නව සිසු නායක නායිකාවෝ පත්වෙති
- 2018-12-13 16:26:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුගම පාන්තිය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය “ශිෂ්‍යනායකාභිෂේකය” නමින් පසුගියදා විද්‍යාලයිය ආනන්ද සමරකෝන් ශාලාවේදී පැවැත්වුණි.
රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී වෛද්‍ය රංජිත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී 2018 වසරේ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස ඩී. එල්. සුපුන් ශිෂ්‍යයා සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස කේ. පී. ආර්. ළහිරැ පරාක්‍රම සමග ඩබ්ලිව්.ඒ තරැෂි විහඟනී සහ කේ.ඒ. නිපුණි මල්ශිකා යන ශිෂ්‍යාවන් සම ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් ලෙස පත්කරන ලදී.
විදුහල්පති උපාලි වනිගසූරිය මහතාගේ ආරාධනයෙන් කළුතර දිස්ත්‍රික් ශිෂ්‍ය භට බලකායේ දොළොස්වැනි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි මේජර් එල්. යූ. ඩබ්ලිව්. ජයලත් මහතා, අවට විද්‍යාලවල විදුහල්පතිවරැ, ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිත මහත්ම මහත්මීහු, විශ්‍රාමික ගුරැවරැ සහ දෙමවුපියෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments