මතුගම ශාන්ත මේරි 7 ශ්‍රේණියේ සිසුන්ගෙන් ඉලෙක්ට්‍රොනික නිර්මාණ ප්‍රදර්ශනයක්
- 2019-03-21 21:44:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
7 ශ්‍රේණියට නියමිත ප්‍රායෝගික තාක්ෂණික කුසලතා විෂය යටතේ ආරම්භක තාක්ෂණවේද ඒකකය මගින් සරල ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් කෙරැණු විවිධ නිර්මාණ රුසක ප්‍රදර්ශනයක් මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ 7 E ශ්‍රේණි පන්ති කාමරයේ දී පසුගියදා පැවැත්වුණි. මේ සඳහා අදාළ ශ්‍රේණියේ සිසුන් විසින් කරන ලද නිර්මාණය ප්‍රදර්ශනයට එක්කර තිබිණි. ඒ අතර මකුළු දැල් කඩනය, දූවිලි ඉවත් කිරීමේ යන්ත්‍රය, මේස විදුලි ලාම්පු, බහු මාධ්‍ය ප්‍රක්ෂේපණය කැපී පෙනිණි.
මැටි බඳුන් පින්තාරැ කිරීම, අපතේ යන දේවල්වලින් කරන ලද නොයෙකුත් නිර්මාණ, මාල හා මල් සැකසුම් සිසුවියන් විසින් කරන ලද නිර්මාණ ද දක්නට ලැබිණි.
විෂයභාර ආචාරිනී චම්පිකා ගුණසිංහ මහත්මිය දරැවන්ගේ හැකියාවන් ඔප්නැංවීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කළාය.
විදුහල්පති පී.ඒ.ඩී. ප්‍රියදර්ශනී මෙනවිය සහ 6,7 ශ්‍රේණි අංශ ප්‍රධාන ලාල් කන්නන්ගර මහතා ද ප්‍රදර්ශනය නැරඹීම සඳහා සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments