Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර අධ්‍යාපන කලාපය විසින් අධ්‍යාපන පර්යේෂණ එළිදැක්වීම වෙනුවෙන් ප්‍රථමවරට සංවිධානය කළ පර්යේෂණ සමුළුවක් ගුරැදෙණිය අධ්‍යාපන සංවර්ධන හා පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානයේදි පසුගියදා පැවැත්වුණි.
මෙහිදි  ‘පත්‍යාශා’ නමින් අදාළ සියලු පර්යේෂණ ඇතුළත් ග්‍රන්ථය එදින එළිදක්වන ලද අතර  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්ලිවු.විජේරත්න මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරැණි.  
මෙම වැඩසටහනට සමගාමීව මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන්ගේ පර්යේෂණ එළිදැක්වීමක් ද සිදු විය. ඒ සඳහා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, ශාන්ත සිල්වෙස්තර් විද්‍යාලය, හිල්වුඩ් විද්‍යාලය, උසස් බාලිකා විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, මහමායා බාලිකා විද්‍යාලය යන පාසල්වල සිසුවියෝ සහභාගී වූහ.
මෙම පර්යේෂණ සඳහා පස්වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලුම පන්තිවලත් ඊට අතිරේකව ගුරැවරැන් තමන්ගේ විද්‍යාලයේ අවටින් අනාවරණය කරගත් විවිධ විෂයන්ට සමගාමී වූ පර්යේෂණ මාතෘකා තෝරාගෙන ඇත. 
මෙම පර්යේෂණ එළිදැක්වීමේ සමුළුවට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගාමිණී රාජරත්න අාචාර්ය උපාලි එම්. සේදර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක, යන මහත්වරැන් ඇතුළු සිසු දරැවෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.