Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

ආරක්ෂක අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක් ව සංවිධානය කළ ජාතික ශිෂ්‍ය භට බලකා යුද ඇගයීම් පළමු කඳවුරේ අංශ ගණනාවකින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍ය භට ඛණ්ඩය සමත් වී ඇත.

ශිෂ්‍ය භට බලකායේ සේනා විධායක ලුතිතන් කර්නල් පාලිත මෙන්ඩිස්තුමාගේ ප්‍රධානත්වයෙන් රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති මෙම විසිර යාමේ උ‍ළෙලේ දී භට නිවාස පරීක්ෂණය, ගණ සරඹ පරීක්ෂණය ප්‍රථම ස්ථාන ද, ශාරිරික අභ්‍යාස, සේනා විධායක හා ඉදිරිපත් කිරීමේ පරීක්ෂණවලින් දෙවැනි ස්ථාන ද හිමි කර ගත් අතර ශාරීරික අභ්‍යාස හොඳ ම අණ දෙන්නිය ලෙස සාජන් දිනිති පෙරේරා ද සම්මාන හිමි කර ගත්තා ය.

ශිෂ්‍ය භට ඛණ්ඩය විදුහලට ලබා දුන් ජයග්‍රහණය වෙනුවෙන් විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය ශිෂ්‍ය භට බලකායේ ඛණ්ඩ භාර නිලධාරිනී ලුතිතන් ඉඳුනිල් සෙනෙවිරත්න මෙනෙවියට සුබ පැතුම් පිරි නැමූ අවස්ථාව මෙහි දැක්වේ. නියෝජ්‍ය විදුහල්පතිනි චම්පිකා කරුණාදාස මහත්මිය ද, ශිෂ්‍ය භට ඛණ්ඩ භාර ආචාර්ය සිසිර වික්‍රමසිංහ මහතා ද මෙහි වෙති.

( ඇන්ටන් විජේරත්න විසිනි )

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.