මහනුවර උසස් බාලිකාවේ සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ ඇගයෙති
- 2018-08-07 18:02:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ලංකාවේ ප්‍රථමයා වූ නවෝද්‍යා ප්‍රභාවි රණසිංහ සමග ශිෂ්‍යාවන් 120ක් විෂයයන් සියල්ලට ම A9 වාර්තා කළ අතර ශිෂ්‍යාවෝ 51ක් A8 වාර්තා කළහ. මෙම ප්‍රතිඵලය දිවයිනේ ඉහළ ම ගුණාත්මක දර්ශක අගය වාර්තා කළ පාසල් අතර හය වැනි ස්ථානය ද පළමු ශ්‍රේණියේ සිට පන්ති පැවැත්වෙන පාසල් අතර මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය ද වෙයි.
සාමාන්‍ය පෙළ විශිෂ්ටයන් සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේ දී ශිෂ්‍ය ප්‍රණාම උලෙළක් පැවැති අතර එහි දී ප්‍රධාන අමාත්‍යතුමා, විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය, පන්ති භාර ගුරැවරියන්, අංශ ප්‍රධානීන් සමග සමූහ ඡායාරෑපයකට මුහුණ දුන් අයුරැ.
( ඇන්ටන් විජේරත්න විසිනි )
Reply To:
Name - Reply Comment
0 Comments