Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර උසස් බාලිකා විදුහලේ වාර්ෂික ප්‍රජා සත්කාරක වැඩ සටහනට අදාළව පොළොන්නරැව දිස්ත්‍රික්කයේ ඇළහැර හුදෙකලා පාසලක් වූ කහටගහපිටිය කනිෂ්ඨ විද්‍යාලයට අධ්‍යාපනික උපකරණ ප්‍රදානය පසුගියදා එම විදුහල් ප්‍රධාන ශාලාවේ දී සිදු කෙරිණ.
කහටගහපිටිය කනිෂ්ඨ විදුහල්පති එම්. ජී.  ජයසිංහ සහ ඇළහැර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. එම්. එස්. බී. හේරත් මහත්වරැන්ගේ නිර්දේශය සහිතව එවන ලද අවශ්‍යතා ලේඛනය අනුව මහනුවර උසස් බාලිකා විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ සෘජු අධීක්ෂණය මත, නියෝජ්‍ය විදුහල්පතිනි චම්පිකා කරැණාදාස, නියෝජ්‍ය විදුහල්පතිනි සමන්තා දසනායක,  සහකාර විදුහල්පති අජිත් පතිරණගේ,  ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පතිනි සමන්ති සිරිවර්ධන, ප්‍රධාන පුස්තකාලයාධිපතිනි මානෙල් සෙනෙවිරත්න, කලා අංශ ප්‍රධාන උපාලි දිසානායක, දමිළ අංශයේ සහකාර විදුහල්පතිනි ශිවන්තිනී නන්දකුමාර් යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් මෙම පාසල් උපකරණ රුස් කෙරැණි.
පරිගණක යන්ත්‍රයක්, ගෑස් උඳුනක්,  විදුලි පංකාවක්,  කැසට් යන්ත්‍රයක් විද්‍යා උපකරණ, පාසල් පුස්තකාලයට පොත්පත්ල දරැවන් සඳහා නිල ඇඳුම් රෙදි ඇතුළු රැපියල් ලක්ෂ හතරකට ආසන්න උපකරණ පරිත්‍යායක් එහි දී සිදු විය. එමෙන් ම උසස් බාලිකාවේ ආදි ශිෂ්‍යාවක වන දැනට ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබන එස්. ප්‍රනාන්දු ශිෂ්‍යා කහටගහපිටිය කනිෂ්ඨ විදුහලේ හය ශ්‍රේණි දක්ෂතා දක්වන දරැවන් දෙදෙනකුට එක් අයකුට මසකට රැපියල් 2000ක් බැගින් අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා ද,  දක්ෂතාව අනුව ඉන් ඉහළට ද ශිෂ්‍යත්ව ආධාර ලබා දීමට තීරණය කර ඇතැයි විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය පැවසුවා ය.
මහවැලි ජනපද ව්‍යාපාරය යටතේ 1986 පිහිටුවන ලද,  වසර 32ක ඉතිහාසයක් ඇති දිග්ගල්පිටිය හා කහටගහපිටිය යන දෙගම් මැදි වූ මෙම විදුහලේ පළමු වතාවට අ.පො.ස සාමාන්‍ය  පෙළ විභාගයෙන් ඒ නවයක්, අටක් සහ හතක් ලබාගත් සඳුනිකා රණසිංහ,  චතුරිකා රන්කොත්ගේ, මලිඳු තමන්කඩුව දරැවන්ට සුවිශේෂ ත්‍යාග පිරිනැමීම ද මෙහි දී සිදුවුණු අතර ඩී. කේ. හිරුදිනී දසනායක සහ සී. එස්. ගමගේ උසස් බාලිකා ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කළහ.
(ඇන්ටන් විජේරත්න විසිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.