මහනුවර උසස් බාලිකාවන්ගේ නිර්මාණ කෘති 500ක්
- 2019-05-14 10:34:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ ශිෂ්‍යාවන්ගේ නව නිර්මාණ කෘති පන්සීයක් දොරට වැඩීම හා ප්‍රදර්ශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය, ප්‍රවීණ ලේඛිකා පියසීලි විජේමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. ඩබ්ලිව්. විජේරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විදුහලේ කොන්ස්ටන්ට් මැලට් ශාලාවේ දී පසු ගිය දා පැවැත්විණි.
ශිෂ්‍ය ප්‍රජාවේ ලේඛන කුසලතා සංවර්ධනය කිරීම මගින් අධ්‍යාපනයේ ගුණාත්මක දියුණුවක් ඇති කිරීම අරමුණු කර ගෙන මහනුවර අධ්‍යාපන කාර්යාලය සංවිධානය කළ ග්‍රන්ථ නිර්මාණ ව්‍යාපෘතියට සමගාමි ව මහනුවර උසස් බාලිකා විදුහලේ සිංහල හා ලේඛිකා යන සංගම් ද, පුස්තකාල කමිටුව ද එක්ව පිපෙන කුසුම් 2019 නමින් මෙම ග්‍රන්ථ එළි දැක්වීම සිදු කෙරිණි.
විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතියට ශිෂ්‍ය ප්‍රජාවේ කෙටිකතා, නවකතා, ළමා කතා, ගීත නිර්මාණ සංග්‍රහ, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ බසින් ද මුද්‍රණය කර ඇති අතර විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කෘති කිහිපයක් ද මෙහි දී එළිදැක්විණි. වැඩ සටහන අතරතුර දරුවන්ගේ විචිත්‍රාංග රැසක් ද ඉදිරිපත් කෙරුණු අතර එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
( ඇන්ටන් විජේරත්න විසිනි )
Reply To:
Name - Reply Comment
0 Comments