මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කියවීමේ කඳවුරක්
- 2019-01-21 13:35:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවිධානය කෙරැණු පොත් කියවීමේ කඳවුරක් විශ්වයම දැනගන්න, හැමවිටම කියවන්න තේමා කරගනිමින් 284බී නාරංවල දකුණ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල දී පසුගියදා පැවැත්වුණි.
මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ සමාජ සේවා නිලධාරිනී යුරේකා දිල්රැක්ෂි මෙනවිය හා සංවර්ධන නිලධාරිනි හෙලන්කා සුරවීර සහ මධ්‍යම රජයේ සමාජ සේවා නිලධාරිනී අජන්තා ලක්මාලී මහත්මීහු කඳවුර මෙහෙය වූහ.
මෙම පොත් කියවීමේ කඳවුරට ප්‍රදේශයේ පාසල් සිසුහු 100 කට වඩා වැඩි පිරිසක් සහභාගි වූහ. සිබිල් වෙත්තසිංහ කුටිය, මාර්ටින් වික්‍රමසිංහ කුටිය, රුයිපියෙල් තෙන්නකෝන් කුටිය යනාදී වශයෙන් පොත් වෙන්කර තිබූ අතර මවුපියන්ට ද කුටියක් තිබිණි.
ළමයින් උකහා ගත් දැනුම උරගා බැලීමට 1, 2, 3 යන ශ්‍රේණි සඳහා චිත්‍ර තරග ද 4, 5 සිසුන් සඳහා හොඳම පාඨකයා තේරීමේ තරග ද 6, 7, 8, 9, 10, 11, 12, 13 යන ශ්‍රේණි සඳහා දැනුම මිනුම තරගයක් ද පැවැත්වුණි.
කඳවුර අවසානයේ සහභාගි වූ පාසල් සිසුන්ට සහභාගිත්ව සහතික පත්‍රයක් ද, ත්‍යාගයක් ද පිරිනැමුණි.
මෙම අවස්ථාවට පැවිදි අනුශාසක වශයෙන් ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හුණුපොළගම බුද්ධ රක්ඛිත හිමිද, මහර සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.ඩබ්.එම්.ඩී.කුමාරි, මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු පරිපාලන නිලධාරී (විශ්‍රාමික), ඩී.එල්.අබේසිංහ, මහර ප්‍රාදේශීය ලේකම් සමාජ සේවා නිලධාරිනි අජන්තා ලක්මාලි, නාරංවල දකුණ ග්‍රාම නිලධාරිනී යූ.පී.සෙනෙවිරත්න, කහටාන ග්‍රාම නිලධාරී ඩී.ඒ.සී.දිසානායක, උඩුපිල මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැන් වන හේමසිරි ඥාණරත්න, කේ.පී.නිමල්සිරි, එ.ජා.ප. මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ඊවා ශ්‍රියානි, ශ්‍රී.ල.නි.ප මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී අංජලී වික්‍රමතුංග යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments