මාතර රාහුල මහ විදුහලේ ශිෂ්‍යනායක දිනය දා
- 2018-06-08 13:39:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතර රාහුල මහ විදුහලේ ශිෂ්‍ය නායකයන්ට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් යූ.ඒ.ඒ.පී. උභය සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
රාහුල විදුහල්පති ප්‍රැන්සිස් වෙලගේ මහතා, ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්යවරැන් දෙපළ සහ ගුරැ සිසු දෙපිරිස ද ශිෂ්‍යනායක නායිකාවන්ගේ, මවුපියෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස හසිඳු නානායක්කාර ද, නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍යනායක සහ ප්‍රධාන සංවිධායක ලෙස සී. ඩබ්ලිව්. පසිඳු විමලගුණ ද, නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයන් ලෙස කාන්චන ප්‍රමෝද් ජයවීර සහ තිසර දසුන් පතිරණ යන ශිෂ්‍යයෝ ද පත්වූහ. එයට අමතරව ක්‍රීඩා නායකයන් දෙපලක් ද, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයන් රුසක්ද පත්කරගෙන තිබිණ.
(දෙවිනුවර දම්සිරි කරැණානායක)
Reply To:
Name - Reply Comment
0 Comments