Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් වාර්ෂිකව සංවිධානය කරන ගුරැ අභිමානි ප්‍රණාම උලෙළේ දී වසරේ ගුරැතරැව ලෙස පිටකන්ද දෙමළ මහ විදුහලේ රාජමනි ජෙගතම්බල් මහත්මිය පිදුම් ලැබුවාය. 21 වසරක ගුරැ සේවයක් සපුරා ඇති ඇය ප්‍රාථමික පුහුණු ගුරැවරියකි. 
මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතාගේ සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගුරැ අභිමානි ප්‍රණාම උලෙළ  මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී  පසුගියදා පැවැත්වුණි. 
මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද එස්. යාපා මහතාගේ සංකල්පයකට අනුව මාතලේ අධ්‍යාපන කලාපය තුළ ක්‍රියාත්මක මෙම ගුරැ උපහාර උලෙළේදී මාතලේ අධ්‍යාපන කලාපය තුළ පාසල් 121ක සේවයේ නියුතු 3303 දෙනෙක් වූ ගුරැ පිරිස අතුරින් 2016 වසරේ කැපවීමෙන් කටයුතු කළ ගුරැ මහත්ම මහත්මීහු 1448 දෙනෙකු ගුරැ අභිමානි ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබූහ. ඒ අතුරින් 2016 වසරේ හොඳම ගුරැ මහත්ම මහත්මීන් ලෙස සම්මාන ලැබූ මුල් දසදෙනා මෙසේයි.
1- රාජමනි ජෙගතම්බල් මිය (පිටකන්ද දෙමළ ම.වි) 2- සී.පී. එගොඩගේ මිය (කවටයාමුණ ආනන්ද ම.වි) 3- එම්.කේ.නවුසියා මිය ( මාතලේ අමීනා බා.ම.වි) 4- ටී.දර්ශනි මිය ( පලාපත්වල තිරැවල්ලුවර් වි) 5- ජේ.අරියවලගන් මිය ( රත්තොට අබ්දුල් හමිඩ් මු.වි) 6- එම්.පුනීතවතී මිය ( මාතලේ හින්දු ජා.පා) 7- ඒ.පැල්පොළ මහතා ( මාතලේ විජය ජා.පා) 8- අයි.ජී.කමලාවතී මිය ( කනංගමුව විදුහල) 9- එම්.එම්.එස්.රසානා උම්මා මිය (රජ්ජම්මන මුස්ලිම් වි.) 10- එම්.ජේ.ජෝතිමලර් මිය ( රත්තොට ශ්‍රී කුමාරන් ප්‍රා.වි.) 
වසරේ නිවාඩු නොලබා පාසල් කාලයෙන් පසු කාලයේ සේවය හා කැපවීම මත මෙම සම්මානලාභි ගුරැවරැන් තෝරාගෙන තිබේ. 
අභිමානවත් ලෙස පැවති මෙම උලෙළට ආරාධිතයන් කැඳවාගෙන ඒම මාතලේ අධ්‍යාපන කලාපයේ සංගීත ගුරැ මහත්මීන්ගෙන් සැදුම්ලත් තුර්යවාදක කණ්ඩයක් මගින් සිදුවීමද විශේෂත්වයක් වූ අතර කලාපයේ නැටුම් හා සංගීත ගුරැ මහත්ම මහත්මීන්ගේ නැටුමෙන් හා ගැයුමෙන්ද මෙම උලෙළ වර්ණවත් විය. 
මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් තිස්ස කරැණාරත්න, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක, සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්ම මහත්මීහුද එක්වූහ. 


(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.