මාතලේ බෞද්ධ මන්දිර ශ්‍රි පුණ්‍යවර්ධන දහම් පාසලේ 2018 වසරේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම එම දහම් පාස
- 2018-12-03 15:22:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිනිගත්හේන ශ්‍රී අභිනවාරාම විහාරස්ථ ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවීමේ උලෙළ-2018 අඩබුලත්ගම පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය හගරාපිටියේ නන්දසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි. එම දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ගිනිගත්හේන ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රවේදි පුජ්‍යමුරැතවෙල පියරතන හිමියන්ගේ අනුශාසකත්වය යටතේ එහි උප ප්‍රධාන ආචාර්ය ඩබ්.ඩබ්.සිරිමල් රත්නප්‍රිය මහතා ඇතුළු ගුරැ මණ්ඩලයේ සහ මවුපියන්ගේ සහාය ඇතිව එම උලෙළ සංවිධානය කර තිබුණි.
එදින එම දහම් පාසලේ සිසුන් 12 දෙනෙක් සඳහා ශිෂ්‍යනායක නිල ලාංජනද අනෙක් සිසුන් සඳහා දහම් පාසල් ශිෂ්‍ය ලාංජනද පැලඳවීම ඒ සඳහා සහභාගිවූ ආරාධිතයන් හා ගුරැ දෙගුරැන් අතින් සිදු කෙරිණි.
එහිදී එම දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඩී.ගිහාන් සෙනෙවිරත්න සිසුවාට ගිනිගත්හේන මැදි විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා අතින්ද ප්‍රධාන ශිෂ්‍ය නායිකා ඉසුරි භාග්‍යා දිසානායක සිසුවියට ගිනිගත්හේන ප්‍රාථමික විදුහල්පති නිශාන්ත විරසිංහ මහතා අතින්ද නිල ලාංජන පලඳවනු ලැබූ අයුරැහා එම ශිෂ්‍යනායක මණ්ඩලය දිවුරැම් දුන් අයුරැ ඉහත ඡායාරෑපවලින් දැක්වේ.
(ගිනිගත්හේන ජී.ගමආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments