මාදුලාව කනිෂ්ඨයේ සිසු නායක නායිකාවන්ට පුහුණු කඳවුරක්
- 2019-10-17 22:34:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ අරැණැල්ලක ප්‍රභාශ්වර නායකත්ව පුහුණු තෙදින කඳවුරැ මාලාවේ තවත් කඳවුරක් මාදුලාව කනිෂ්ඨ විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. මෙවර ශිෂ්‍ය නායක නායිකාවෝ 60 කට ආසන්න පිරිසක් කඳවුරට සහභාගී වූහ.
මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා වික්‍රමආරච්චි, විදුහල්පති පී.ඩී.අජිත් ප්‍රේමලාල්, නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලියු. සුසන්ත යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙවර කඳවුර ද නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා මෙහෙයවීය. මෙවැනි කඳවුරක් ඔබේ පාසලටත් ලබා ගැනීමට අවශ්‍ය නම් විජය පුවත්පතින් විමසා තොරතුරැ දැනගත හැකිය.

(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments