මානවිල උපනන්දයේ පෝතක බාලදක්ෂයන්ට පදක්කම්
- 2018-11-27 16:58:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගා/ මානවිල උපනන්ද ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ප්‍රථම වරට ආරම්භ කළ පෝතක බාලදක්ෂ කණ්ඩායමට පදක්කම් පැලඳවීම ගාලු දිසාවේ පෝතක බාලදක්ෂ නායිකා සහකාර දිසා කොමසාරිස් අම්බිකා ගුණසේකර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්වුණි.
විදුහල්පති දයානන්ද කාරියවසම් නියෝජ්‍ය විදුහල්පති ශාන්ත කාරියවසම්, ප්‍රාථමික අංශභාර ආචාරිනී ජී. රංජනී යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. විදුහලේ පෝතක බාලදක්ෂ නායිකාවන් වන කේ. ඩී. තිළිණි මධුෂිකා මෙනවිය පෝතක බාලදක්ෂයන්ට පදක්කම් පැලඳවීම මෙහෙයවූවාය.
(හික්කඩුව විශේෂ අමරසේන විතානගේ)
Reply To:
Name - Reply Comment
0 Comments