මාන්ගෙදර වැසියෝ ගැමි ගෙදර අපේ අතීත සිරිය විඳගනිති
- 2018-03-30 10:56:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිනෙන් දින සමාජයෙන් ඈත් වී ගෙන යන දැයේ සංස්කෘතික අංග සහ අතීත උරැමයන් වත්මන් දරැවන්ට හා වැඩිහිටියන්ට දැක බලා ගැනීමේ අවස්ථාවක් පසුගියදා මාන්ගෙදර වික්‍රමාරාමය අභියසදී සැලසුණි.
පුණ්‍යගාම වැඩ සටහනට සමගාමීව සිදු කෙරැණු මෙම වැඩසටහනේදී කාගේත් සිත්ගත් ගැමි ගෙදර අපේ අතීත සිරිය ගෙන දෙන්නට සමත්විය. මාන්ගෙදර වික්‍රමාරාමාධිපති ගම්පහ දිස්ත්‍රීක් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප ලේකම් මාලිගාතැන්නේ ධම්මාරාම හිමි, ගම්පහ සහකාර දිස්ත්‍රීක් ලේකම් ප්‍රසාද් ඉන්දික, පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් රත්නායක යන මහත්වරැ ඇතුළු පිරිසක් මේ වැඩ සටහනට මූලික දාකත්වය දැක්වූහ.
නර්තන ඉසව්වලින් උලෙළ ඔපවත්වුණු අතර නැරඹීමට පැමිණි සැමට ලුණු මිරිසක් සමග පොල් රොටිවලින් සංග්‍රහ කෙරිණි.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments