මාර්ග අනතුරු වළකමු සබරගමු පළාත් තරගාවලිය දා
- 2020-02-24 10:34:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විජය ළමා පුවත්පතේ මාධ්‍ය සහයෝගයෙන් පවත්වනු ලැබූ ‘‘මාර්ග අනතුරැ වළකමු ‘‘ චිත්‍ර තරගයේ සබරගමුව පළාත් අවසන් තරගය පසුගියදා රත්නපුර කුමර විද්‍යාලයේ දී පැවැත්විණි.
කාණ්ඩ 12 ක සිසු සිසුවියන්ගෙන් මූලික වටයෙන් ජය ලබා අවසන් වටයට තේරැණු සිසු සිසුවියන්ගෙන් 250 දෙනෙකු පළාත් තරගයට සුදුසුකම් ලබා සිටි අතර ඔවුන් ඇඳි සිතුවම් වලින් ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබිණ.
මාර්ග අනතුරැ ගැන පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පළාත් හා ජාතික වශයෙන් මෙම සිතුවම් තරගය පවත්වනු ලබයි.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (බාහිර සම්බන්ධතා) ෂෙරින් අතුකෝරාල මහත්මිය, පළාත් සෞන්දර්ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ජේසුපිල්ලේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු සෞන්දර්ය අධ්‍යක්ෂ තුෂාර ගුණතිලක මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. ජි. ඒ.කේ. යූ. බණ්ඩාර, රත්නපුර කුමර විද්‍යාලයේ විදුහල්පති පී.කේ. පතිරගේ, විජය නියෝජ්‍ය කර්තෘ ඉන්දික සෙනෙවිරත්න යන මහත්වරැන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ විධායක නිලධාරිනි නිමාලි බණ්ඩාර මහත්මියගේ මෙහෙයවීමෙන් තරගවලිය පැවැත්විණ.
Reply To:
Name - Reply Comment
0 Comments