මාර්ග සංඥා සහ මාර්ග නීති රීති ගැන පාසල් සිසුන්ට දැනුම
- 2019-02-12 19:59:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කන්දකැටිය පොලිස් රථවාහන අංශය හා මහජන සංම්බන්ධතා අංශය මගින් , මාර්ග සංඥා හා රිය අනතුරැ වළක්වාගැනීම පිළිබඳ පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයක් මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි.
කන්දකැටිය පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් සුමිත් දිසානායක හා කන්දකැටිය පොලිස් මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති ඩී. එම්. මංජුල පැරකුම් දිසානායක මහතා වැඩසටහන මෙහෙයවූහ.
මාර්ග සංඥා, මාර්ග නීති රීති, රිය අනතුරැ වළක්වා ගැනීම ආදීය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුම්වත් කිරීම මෙහිදී සිදුවිය. පන්සියයකට ආසන්න පාසල් සිසු සිසුවියෝ හා ගුරැ පිරිසක් ඊට එක්වූහ.

(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments