මාවනැල්ල කලාප නව නිපැයුම් තරග ප්‍රදර්ශනය - 2018
- 2018-10-22 15:47:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ 2018 වසරේ නව නිපයුම් තරගය හා ප්‍රදර්ශනය කෑගල්ල මොලගොඩ ජයපාල විදුහල් ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම ප්‍රදර්ශනයට මාවනැල්ල කලාපයේ පාසල් රුසක සිසු සිසුවියන්ගේ ඉදිරිපත් කිරීම් යොමු කර තිබු අතර ඒ අතරින් උසස් නිර්මාණ 15 ක් තෝරාගන්නා ලදී. කෑගල්ල දිස්ත්‍රික් හිටපු විද්‍යා අධ්‍යක්ෂ ඒ.සුබසිංහ හා කෑගල්ල දිස්ත්‍රික් හිටපු තාක්ෂණ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ආර්.ඒ.එම්.රණසිංහ යන මහත්වරැ නව නිපැයුම් විනිශ්චයට සහභාගි වූහ.
මෙවර නව නිපැයුම් තරගයෙන් වසරේ හොඳම නිර්මාණය ලෙස තෝරා ගැනුණේ මාවනැල්ල බදුරියා මහ විදුහලේ 08 වසරේ ඉගෙනුම ලබන එම්.ආර්.අම්මාර් සිසුවා විසින් නිර්මාණය කරන ලද පොල්ගස් නැගීමේ උපකරණය වූ අතර දෙවැනි ස්ථානයට තෝරා ගැනුණේ රඹුක්කන අශෝක මහ විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන එච්.යූ.එන්.ටී. ආරියරත්න සිසුවා විසින් නිර්මාණය කරන ලද සීසෝවෙන් විදුලිය නිපදවන උපකරණයයි.
තෙවැනි ස්ථානය ලෙස තෝරා ගැනුණේ මාවනැල්ල බදුරියා මහ විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන එම්.එච්.එම්. පාහිල් සිසුවාගේ නව නිර්මාණය වූ එනර්ජි නයිට් ලෑම්ප් (විදුලිය පිරිමසින රාත්‍රී ලාම්පුව) නිර්මාණයයි.
2018 නව නිපැයුම් විනිසුරැ මඩුල්ල විසින් තෝරා ගන්නා ලද උසස් නිර්මාණ 15 ක් සබරගමු පළාත් තරගය සඳහා යොමු කළ අතර ඉන් තෝරාගනු ලබන නිර්මාණ කොළඹ දී පැවැත්වීමට නියමිත සහසක් නිපයුම් ජාතික තරගය සඳහා යොමු කෙරේ.
මෙම තරග ප්‍රදර්ශන අවස්ථාවට මාවනැල්ල කලාපයේ විෂය සංවර්ධන අධ්‍යක්ෂ ආර්.ජී.ඩබ්ලිව්.සී. රාජවර්ධන කලාප නව නිපැයුම් සම්බන්ධීකාරක ජයතිලක බණ්ඩා යන මහත්ම මහත්මීහු හා කලාප කාර්යාලයේ තවත් නිලධාරීහු ද, විදුහල්පතිවරැ ද සහභාගි වූහ.
(කෑගල්ල - කපිල නන්දලාල්)
Reply To:
Name - Reply Comment
0 Comments