මැටිහක්ක මහින්ද ද්වීතියික පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය
- 2017-12-26 21:50:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මප/ නා/ මැටිහක්ක මහින්ද ද්විතීයික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගිය දා පැවැත්වුණි.
විදුහල්පති ඊ. ඒ. එස්. දිසානායක මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියෝ උත්සවය සංවිධානය කළහ.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ. පී. ටී. කේ. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විශේෂ ආරාධිත පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍ය මාතලේ රජයේ විද්‍යා විද්‍යාලයේ හිටපු විදුහල්පති හා මාතලේ සංචාරක හෝටල් පාසලේ වත්මන් විදුහල්පති එච්. එම්. බී. හේරත් මහතාගේ සහභාගිත්වයෙන් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණි.
මෙහිදී පාසලේ දූ දරැවන් වසරක් තුළ දැක්වූ විවිධ කුසලතා අගයමින් ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමිණ. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවලින් දැක්වේ.
(රත්තොට ආරියරත්න ලියනගේ)
Reply To:
Name - Reply Comment
0 Comments