මැදගම ද්විතීක පාසලේ තාක්ෂණ පීඨය සිසු අයිතියට
- 2017-07-11 07:20:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැදගම ද්විතීක පාසලේ නව තාක්ෂණ පීඨය ඊයේ (10දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිසු අයිතියට පැවරිණි.
නව තාක්ෂණ පීඨය සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර පාසල සඳහා පංති කාමර 08 ක නව ගොඩනැගිල්ලක් ඉදිකරදෙන බවට ද දරුවන්ට පොරොන්දු විය.
සිසු දරුවන්ගේ නිර්මාණ රැසක් ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරුණු අතර විද්‍යාලයේ 13 වසරේ ධනුෂ්ක අඹන්ගල්ල සිසුවා විසින් නිර්මාණය කරන ලද අත්ට්‍රැක්ටරයක් ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.
විදුහල්පති ආර්.එම්. ශාන්ත මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments