Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දරැවන් යහපත් දරැවන් බවට පත් කිරීමට ඔවුන් තුළ චර්යාත්මක වෙනස්කම් සිදුකළ යුතු බවත් ඒ සඳහා පළමුවෙන්ම ඔවුන් විදුහලේ නිල ඇඳුමට හා එහි නීති රීති පද්ධතියට ගරැ කරන පිරිසක් බවට පත්කළ යුතු බවත් වියළුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මික හේරත් මහතා පැවසීය.
අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා පැවැති මීගහකිවුල ජාතික පාසලේ නවක ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීමේ උත්සවයට එක්වෙමිනි.
මීගහකිවුල ජාතික පාසලේ නවක ශිෂ්‍යනායක නායිකාවන් සිය තනතුරැවල දිවුරැම්දීම හා නිල ලාංජන පැලඳවීම පසුගියදා වියළුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මික හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී  පැවැත්වුණි.
 විදුහල්පති එච්. එම්. සෙනරත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත ශිෂ්‍යනායක මණ්ඩලය භාර  ඒ. ජී. එන්. පී.  කුමාර මහතා සහ ඒ.ජී.ඒ.ආර්  ඒකනායක මහතාත් ගුරැ මණ්ඩලයත් උත්සවය   සංවිධානය කළහ.
දැල්වූ  පහනක් අතින් ගත් ශිෂ්‍යනායක නායිකාවෝ  අසූ   දෙනෙක් ශිෂ්‍යනායක ප්‍රතිඥාව ලබාදෙමින් තම තනතුරැවල දිවුරැම් දුන්හ.
අනතුරැව   ආරාධිත අමුත්තෝ,   විදුහල්පති ඇතුළු ගුරැ මණ්ඩලය මවුපියෝ  නවක ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන පලඳවා ඒ වෙනුවෙන් සහතික පත්‍රයක් ද පිරිනැමූහ.
 එහිදී   ආර්. එම් අයි. එන්. එස්. විජේකෝන් සිසුවා සහ  ආර්. එම්. එන්.  හංසමාලී ශිෂ්‍යාව විද්‍යාලයේ ප්‍රධාන  ‍ ශිෂ්‍ය නායකයා සහ නායිකාව ලෙස පත්වූහ.
 මීගහකිවුල ජාතික   පාසලේ අභිනව ශිෂ්‍යනායක   මණ්ඩලය සහ එම උත්සවයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.