මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයට ගායන තරග ජයක්
- 2017-10-06 21:20:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා අන්තර් පාසල් සංගීත තරගාවලියට සමගාමීව ඌව පළාතේ පාසල් අතර පවත්වන ලද ප්‍රාථමික අංශයේ සමූහ ( ස්වතන්ත්‍ර ගී ) ගායනා තරගාවලියේ දී වියලුව කලාපයේ ශුරතාවත් ඌව පළාත් තරගයේ අනුශුරතාවත් හිමිකර ගැනීමට මීගහකිවුල අධ්‍යාපන කොට්ඨාසයට අයත් බ/ මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයීය කණ්ඩායම සමත්විය.
බ/ මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්. දිසනායක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත විද්‍යාලයේ සංගීත ආචාර්ය, විශාරද ජී බී . ජී. ටී. ප්‍රියශාන්ත මහතා ජයග්‍රාහී කණ්ඩායම පුහුණු කළේය.
ඌව පළාත් තරගාවලියේ අනු ශුරතාව හිමිකර ගත් බ/ මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයීය ගායනා කණ්ඩායම විදුහල්පති ඩි.එම් දිසනායක මහතා (මැද) සහ විද්‍යාලයේ සංගීත ආචාර්ය, ජී බී . ජී ටී. ප්‍රියශාන්ත , (දකුණු පස ) නියෝජ්‍ය විදුහල්පති ජේ. එච්. කැළුම් (වම් පස) යන මහත්වරැ මෙහි වෙති.
(වියලුව නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments