Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන මාධ්‍ය වැඩහුරැ සතිය 2017 වසරේ වැඩසටහන පසුගිය දා පැවැත්වුණි.
මෙම වැඩහුරැ සතිය නිමිත්තෙන් විද්‍යාලයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසුවියන් 12 දෙනෙකුට ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම පසුගියදා සිදුවිය. 
 මෙම වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය සම්බන්ධීකාරක නිලධාරී බන්දුල. පී. දයාරත්න මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වුවකි.
මීරිගම ලංකා බැංකුවේ කළමනාකාර පී. ආර්. ආර්. එම්. ප්‍රියංකර, නියෝජ්‍ය කළමනාකාර පී. එන්. පී. එන්. මල්ලවආරච්චි යන මහත්වරැන්ගේ සහ මීරිගම මහජන බැංකුවේ කළමනාකාර ආර්. පී. එස්. දංගල මහත්මියගේ අධීක්ෂණය යටතේ ශිෂ්‍යාවන්ට පුහුණුව ලබාදෙනු ලැබුණි.
ගනුදෙනු කිරීම, ගිණුම්කරණය, ලිපි ලේඛන හැසිරවීම, බැංකු උපකරණ ආදි බැංකුකරණයට අදාළ සියලුම අංශ පිළිබඳව ප්‍රායෝගිකව පුහුණුවක් මෙම ශිෂ්‍යාවන්ට ලබා දීම සිදුවිය.
විද්‍යාලයේ විදුහල්පති පී. ඒ. ජගත් ජයතිස්ස මහතාගේ මෙහෙයවීමෙන් ද, වැඩසටහන් භාර ආචාර්යවරැන් වන එල්. පී. විමර්ශනී වසන්ති, ජේ. එම්. දිපීකා ජයසුන්දර මහත්මියන්ගේ මඟ පෙන්වීම යටතේද මෙම වැඩසටහන පැවැත්වුණි.
මහජන බැංකුවේ පුහුණුවට ජේ. ඒ. තරැෂි සමාෂා ජයකොඩි ශිෂ්‍යාවගේ නායකත්වයෙන් එස්. එච්. නිපුනි භාග්‍යා, එස්. වී. ඩයනි ඉමාෂා, කේ. එස්. අපේක්ෂා සිරිමාන්න, බී. ඒ. අයෝත්මා සඳනි, එස්. ඒ. නිෂාර ලක්ෂානි යන ශිෂ්‍යාවෝ ද, ලංකා බැංකුවේ පුහුණුවට එච්. පී. රිෂානි ෂෙහානි ජයසිංහගේ නායකත්වයෙන් එස්. එම්. චේතිකා සඳමිණී, කේ. ඉමාෂා සෙව්මිණී, ජේ. දුල්මි මධුෂිකා සෙව්වන්දි, ආර්. ඒ. කේශානි ශෂිකලා සෙව්වන්දි යන ශිෂ්‍යාවෝ ද සහභාගී වූහ.
(රැෂිරැ තරංග)

DSC_1228 DSC_1236 DSC_1242 DSC_1244 DSC_1245 DSC_1247 DSC_1249 DSC_1251 DSC_1253 DSC_1259 DSC_1265 DSC_1268 DSC_1271 DSC_1277 DSC_1278 DSC_1280 DSC_1281 DSC_1282 DSC_1283 DSC_1284

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.