මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශයේ සීල සමාදාන පින්කම
- 2018-07-13 22:59:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලයේ සිසු දරැවන්ගේ වෙසක් සීල සමාදාන පින්කම මහා සංඝරත්නය 52නමකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
පාසලේ සෑම පන්ති කාමරයකටම භික්ෂූන් වහන්සේ නමක් වඩම්මවා පන්ති කාමර මට්ටමින් ආගමික වතාවත් සිදුකෙරැණි. මහ සඟරැවන උදෙසා හීල් දානය පිරිනැමීමෙන් පසු පන්ති කාමර වෙත භික්ෂූන් වහන්සේ වැඩම කළහ. එහිදී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ සීල ආවර්ජන වැඩ සටහන් හා භාවනා වැඩ සටහන් ද පැවැත්වුණි.
විදුහල්පති පී.ඒ. ජගත් පියතිස්ස මහතා සහ විද්‍යාලයීය ධර්මාචාර්ය කරමැටියේ රතනපාල හිමියන් ඇතුළු ගුරැ මණ්ඩලය සංවිධානය කළ මෙම පින්කම මීරිගම ශාසනවර්ධන පිරිවෙන මගින් මෙහෙයවනු ලැබුණි.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments