මුගුණුමත විදුහලේ පරිසර නියමුවන්ට නිල ලාංඡන
- 2018-03-16 16:18:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හාලිඇළ බ/මුගුණුමත මහ විදුහලේ පරිසර නියමු භට කණ්ඩායම සඳහා නිල ලාංඡන පැලඳවීමේ උලෙළ එම විදුහලේදී පසුගියදා සිදුකෙරැණි.
ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් පී.ඩබ්.ඩබ්.දිසානායක, පරිසරවේදී පියල් මාරසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරී නිල්මිණි සේනානායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්වුණි. හාලිඇළ ආයුර්වේද බෙහෙත් ශාලාවේ ප්‍රජා සෞඛ්‍ය නිලධාරින් වන ආර්.ඩී.සෙනෙවිරත්න, රක්ඛිත සම්පත්, හාලිඇළ ජාතික ඉතිරිකිරීමේ බැංකු කළමනාකරැ සුනිල් ජයතිස්ස යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිත අමුත්තෝ රුසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සරත් බන්දු ගුණසේකර, නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සාරංගි හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් සහ බ/මුගුණුමත මහ විදුහලේ විදුහල්පති එල්.ඩී.ටී.මංජුල කුමාර මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය හැතැක්මේ ධම්මානන්ද හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් පරිසර නියමු භට කණ්ඩායම භාර පී.එල්.නාලනී, එම්.එම්.ධම්මික බණ්ඩාර යන මහත්ම මහත්මීහු මෙම වැඩසටහන සංවිධානය කළහ.
( සටහන හා සේයාරෑ -
හාලිඇළ- විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments