Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

“මෛත්‍රිය, කරැණාව සහ ඉවසීම නොදත් දරැ පරපුරක් මේ රටේ බිහිවෙමින් පවතින්නේ බොහෝ මවුපියන් තම දරැවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමට උනන්දු නොවන නිසයි. තමන් ගැන පමණක් සිතා කටයුතු කරන දරැ පරපුරක් මේ රටේ බිහිව ඇත්තේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි.*
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා ගාල්ල බෝපේ සුධර්මාරාම විහාරස්ථ සුධර්මාරාම දහම් පාසලේ 17 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් එසේ කීවේය.
ප්‍රධානාචාර්ය මතුගම චන්ද්‍රාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී සන්ධ්‍යා පතිරණවසම්, දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම්. ඒ. යු. වේලාරත්න යන මහත්වරැ මෙම උත්සවයට සහභාගි වූහ. ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බද්දේගම දේවරක්ෂිත හිමියෝ උත්සවයේ මුලසුන හෙබවූහ.
එහිදී අදහස් පළකරසිටි සම්පත් වේරගොඩ මහතා මෙසේද කීවේය.
“දහම් පාසල්වල ගුණාත්මක භාවය ඉතා ඉහළ මට්ටමකට රඳවා තබාගත හැක්කේ මවුපියන් තම දරැවන් වැඩි උනන්දුවකින් දහම් පාසල් වෙත යොමු කරනවා නම් පමණයි. එහෙත් ටියුෂන් පන්ති නිසා දරැවන් දහම් පාසල් කරා ඒම විශාල ලෙස නතර කර දමා තිබෙනවා. ටියුෂන් පන්ති නිසා පාසලක පැවැත්වෙන අතිරේක පන්තියකට පවා දරැවන් ගෙන්වා ගන්න බැහැ.
අද ඉන්න ළමයි වගේ නෙවෙයි. අපි දහම් පාසල් ගියේ හරිම සතුටින්. පාසල් යනවටත් වඩා දහම් පාසල් යන්න අපි ආසා කළා. දහම් පාසලත්, පන්සලත් කියන්නෙ දහම් දැනුමට වඩා දරැවන්ට බොහෝ දේ ලබා දෙන තෝතැන්නක්. ගමක තිබෙන බැඳීම් වැඩිකරන විවිධ සමාජ ක්‍රියාකාරකම් සිදුකරන මධ්‍යස්ථාන බවට පන්සල සහ දහම් පාසල පත්කළ යුතුයි. විවිධ ක්‍රියාකාරකම්වලින් යුත් ගමට රටට ආදරය කරන දරැ පරපුරක් බිහිකර ගත හැක්කේ හැම දරැවෙකුම දහම් අධ්‍යාපනයට යොමු කළහොත් පමණයි.
(රත්ගම ගාමිණී මහදුර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.