මොනරාගල ටැංවත්ත විද්‍යාලයේදී - ලෝක ජල දිනය - 2018 ඌව පළාත් සමරැ වැඩසටහන දා...
- 2018-06-08 14:27:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ජල දිනය- 2018’ ඌව පළාත් ප්‍රධාන සැමරැම් වැඩසටහන ආරාධිත අමුත්තන් රුසකගේ සහභාගිත්වයෙන් මොනරාගල ටැංවත්ත විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.
‘%ස්වභාව ධර්මය සඳහා ජලය’ යන තේමාවෙන් ජලය හා ස්වභාවධර්මයේ අගය ගැන පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කෙරැණි. දැනුම්වත් කිරීම් වැඩසටහන්වලට අමතරව ළමා නාට්‍ය, චිත්‍ර හා ප්‍රශ්න විචාරාත්මක තරගවල ජයග්‍රහණ ලැබූ දරැ දැරියන්ට සහතික හා ත්‍යාග ප්‍රදානය කිරීමද සිදුවිය. පාසල් සිසුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්ද මෙදින පැවැත්වුණි.
ඌව පළාත් සභා මන්ත්‍රී කේ.බී.මැදවෙල, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජී.ඒ.එම්.එස්.පී.අඹන්වෙල, පළාත් ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්.සෝමතිලක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.පී.රත්නායක, ප්ලෑන් ඉන්ටර්නැෂනල් ආයතනයේ ඌව පළාත් වැඩසටහන් කළමනාකරැ ආර්.ඩබ්.ඩබ්. ජයරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරිහු රුසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, මොනරාගල කලාප අධ්‍යාපන කාර්යාලය හා ප්ලෑන් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය එක්ව මෙම ජල දිනය සැමරීමේ වැඩසටහන සංවිධානය කරන ලදී.
( සටහන හා සේයාරෑ: හාලිඇල- විජේරත්න රත්නායක , ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
Reply To:
Name - Reply Comment
0 Comments