මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය 4 වැනි මොරටුව බාලදක්‍ෂ සමූහයේ වාර්ෂික කඳවුරදා...
- 2019-02-05 17:20:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය 4 වැනි මොරටුව බාලදක්‍ෂ සමූහයේ වාර්ෂික කණ්ඩායම් කඳවුර පිළියන්දල, දම්පේ, නිර්මල ලූර්දු මාතා දෙව්මැදුරැ භූමියේ දී පසුගියදා පැවැත්වුණි.
බාලදක්‍ෂ ආචාර්ය ලසන්ත කුරේ මහතාගේ කඳවුරැ නායකත්වයෙන් හා සහකාර බාලදක්‍ෂ ආචාර්ය ප්‍රසාද් පෙරේරා මහතාගේ කඳවුරැ සංවිධායකත්වයෙන් බාලදක්‍ෂයන් විසිඑක් දෙනෙකුගේ සහභාගිත්වයෙන් දින හතරක් කඳවුරැගත කෙරැණි.
කඳවුරැ කාලසීමාවේ දී කඹයේ නැගීම, කඹය දිගේ යාම, කමාන්ඩෝ පාලම ආදි පුරෝගාමි ක්‍රියාකාරකම් අතරින් මෙරිගෝ රවුම කාගෙත් සිත්ගත් අංගයක් විය. තවද ආහාර පිසීම, සරැංගල් සැණකෙළිය, දැනුම මිනුම තරගාවලිය හා අවසන් දින රාත්‍රියේ පැවැති කඳවුරැ ගිනිමැලය ද බාලදක්‍ෂයන්ගේ දක්‍ෂතා එළිදක්වන ලද ක්‍රියාකාරකම් විය.
විදුහලේ අදියුරැ ගරැ රංජිත් අන්ද්‍රාදි පියතුමන් ගෙන්ද බාලදක්‍ෂ කටයුතු භාර ගරැ ඇන්තනි ලක්‍ෂ්මන් පියතුමන්ගෙන්ද දම්පේ දේවස්ථාන පාලක ගරැ රෝෂන් ප්‍රසාද් පියතුමන් ශ්‍රමන්ත වික්‍රමසිංහ පියතුමන් ගෙන්ද මවුපියන් ගෙන්ද මොරටුව පිළියන්දල දිසාවෙන් ද අගනා සහයක් ලැබී තිබිණි.
Reply To:
Name - Reply Comment
0 Comments