මොරේතොට විදුහලේ පරිසර නියමුවෝ පදක්කම් පලඳිති
- 2018-09-06 22:37:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හාලිඇළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බ/මොරේතොට විදුහලේ පරිසර නියමු භට කණ්ඩායමේ සිසු සිසුවියන් සඳහා පදක්කම් පැලඳවීමේ උලෙළ එම විදුහලේදී පසුගියදා පැවැත්වුණි.
මධ්‍යම පරිසර අධිකාරියේ බදුල්ල ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී චින්තක බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උලෙළේදී විද්‍යාලයීය පරිසර කණ්ඩායමේ සිසු සිසුවියන් 12 දෙනෙකු සඳහා පරිසර නියමු පදක්කම්ද සිසු සිසුවියන් 10 දෙනෙකුට හරිත වර්ණ පදක්කම්ද පැලඳවුණු අතර ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් 22 දෙනෙකුට කුසලතා සහතික ප්‍රදානය කරනු කෙරිණ.
බ/මොරේතොට විදුහලේ විදුහල්පතිනි ජේ.පී.එස්.පතිරණ මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයේ පරිසර කමිටුවේ මෙහෙයවීමෙන් මෙම උලෙළ සංවිධානය කර තිබිණි.
( සටහන හා සේයාරෑ: හාලිඇළ- විජේරත්න රත්නායක)
Reply To:
Name - Reply Comment
0 Comments