Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

“අද මේ රටට ගිහි බෞද්ධ නායකයන් නැතිව ගොස් තිබෙනවා. අනාගතයේ දී මේ අඩුව පිරිමැසීමට දහම් පාසල් තුළින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරාගෙන බෞද්ධ නායකයන් බිහි කිරීමේ අරමුණෙන් නායකත්ව පුහුණු වැඩමුළුවක් ආරම්භ කිරීමට අප අදහස් කළා.* යැයි රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති හා අධ්‍යක්ෂ ආචාර්ය මාඉටිපේ විමලසාර හිමියෝ පැවසූහ.
රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන හා පරමධම්ම යෞවන සංසදය හා විහාරස්ථ ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ මෙහෙයවීමෙන් රත්මලාන ඓතිහාසික පරමධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ පැවැති රත්මලාන ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල්වලින් තෝරාගත් ශිෂ්‍යනායක නායිකාවන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවේ දී උන්වහන්සේ එසේ පැවසූහ. එහිදී උන්වහන්සේ මෙසේද කීහ.
“එදා අනගාරික ධර්මපාලතුමා වැනි බෞද්ධ නායකයන් නිසා සිංහල බෞද්ධ ජනතාව අවදි කිරීමට පුළුවන් වුණා. ඒ අනුව තවත් බෞද්ධ නායකයන් ඒ තුළින් බිහිවුණා.
අද සිංහල බෞද්ධ ජනතාවට ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දීමට ශක්තිමත් බුද්ධිමත් ගිහි බෞද්ධ නායකයන් අවශ්‍යයි. අද තරැණ පිරිස් නොමගට ඇදෙන මාර්ග සමාජයේ වැඩිවී තිබෙනවා. ඒ අනුව තරැණ පිරිස යහමගට පත් කිරීම සඳහා ද අද වැඩියෙන් නායකයින් අවශ්‍යයි.*
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනත් ගුණරත්න, ප්‍රවීණ දේශක කැලුම් වැලිගම, සනත් රෝහණ වික්‍රමසිංහ, පරමධම්ම යෞවන සංසදය සභාපතිනී දෙව්මි පීරිස්,පවනි නානායක්කාර ද මෙහිදී අදහස් දැක්වූහ.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.