Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපන අයිතිය ලබාදීමට ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට අනුව පමණක් නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ද සෑම රජයක්ම බැඳී සිටින බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවයට සහ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (15) පෙරවරුවේ එක්වෙමිනි.

පාසල වෙත ගිය ජනාධිපතිවරයා එම සිසු දැරියන් විසින් මහත් හරසරින් යුතුව පිළිගත් අතර බාලදක්ෂිකාවන්ගේ උත්තමාචාරය මෙන්ම ගුවන් ශිෂ්‍ය භට උත්තමාචාරය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ දැරියන්ට තිළිණ ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි. විද්‍යාලයේ 75 වන සංවත්සර උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරුණු අතර මධ්‍යම පළාත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. විදුහල්පතිනි ඊ.ඩබ්ලිව්.එල්.කේ. එගොඩවෙල මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වුවාය.

මෙහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අද නගරයේ ප‍්‍රධාන පාසල් සඳහා පවතින තරගය හේතුවෙන් කොළඹ නගරයේ පදිංචි අඩු පහසුකම් සහිත නිවාසවල දරුවන් විශාල ප‍්‍රමාණයකට තම ආසන්න පාසලට ඇතුළුවීමේ අවස්ථාව අහිමිව ඇති බවයි.

දිවයිනේ සියලූ පාසල් සඳහා අවශ්‍ය භෞතික සහ මානව සම්පත් නොඅඩුව ලබාදීමට රජය කටයුතු කරන්නේ ප‍්‍රධාන පාසල් සඳහා පවතින තරගකාරිත්වය අවම කර සියලූ දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපන අයිතිය ලබාදීමට බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අධ්‍යාපනයේ තරගකාරිත්වය තුළ පවතින මෙම අයහපත් තත්ත්වයන් වහා නිවැරදි විය යුතු බව ද ප‍්‍රකාශ කළේය.

විභාග ජයගන්නවා සේම සමාජයේ තිබෙන අභියෝග සහ බාධාවන් තේරුම් ගනිමින් ආත්ම විශ්වාසයෙන් සහ ආත්ම ශක්තියෙන් ජීවිතයට මුහුණදී ජීවිතය ද ජය ගැනීමට දරුවන් කටයුතු කළයුතු බව සිසු දැරියන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

ඊයේ දින පුවත්පත් විසින් වාර්තාකර තිබු, වසර 10 ක පමණ පාසල් දැරියක් සියදිවි නසා ගැනීමේ සිදුවීම ද සිහිපත් කළ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අද ශී‍්‍ර ලංකාව සිය දිවි නසා ගැනීම් පිළිබඳ ඉදිරියෙන් සිටින රටක් බවට පත්ව ඇති බවත්, මෙම අයහපත් තත්ත්වයෙන් සමාජය ගලවා ගැනීම පිළිබඳ වගකිවයුතු සියලූ දෙනාගේ අවධානය යොමුවිය යුතු බවත්ය.

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, මහනුවර දිස්ති‍්‍රක් ලේකම් එච්.එම්.පී. හිටිසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම උත්සවයට එක්විය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.