රත්නපුර ෆර්ගර්සන් උසස් බාලිකා සියවස් සැමරුමට ජනපති එක්වේ
- 2017-03-27 21:50:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අද (27) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පැවැත්විණි.
විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරුණු අතර පාසැලේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය. විද්‍යාලය වෙනුවෙන් ඉදිකෙරුණු ගෘහස්ත ක්‍රීඩාගාරය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
අනතුරුව සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කළ ප්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.
තිරසර පාසැල් වැඩසටහන යටතේ පළතුරු පැළ 4000 ක් සිටුවීමේ ව්‍යාපෘතිය සංකේතවත් කරමින් පළතුරු පැළයක් විදුහල්පතිනි එම්. ගලගම මහත්මියට ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර පරිසර සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවයිනේ සෑම පාසැලකම ප්‍රදර්ශනය කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් සකසා ඇති දැන්වීම, පාසැල් වලට ලබාදීම සංකේතවත් කරමින් ප්‍රථම දැන්වීම විදුහල්පතිනියට ලබාදීම ද සිදුවූයේ ජනාධිපතිතුමා අතිනි.
එම පාසැල විසින් සකස්කළ පරිසර හිතකාමී ගමන් මල්ලක් පාසැලේ දැරියන් දෙදෙනෙකු විසින් මෙහිදී ජනාධිපතිතුමාට පිළිගැන්වූ අතර, මෙම අවස්ථාව සිහිපත් කරමින් විදුහල්පතිනි එම්. ගලගම මහත්මිය විසින් ජනාධිපතිතුමාට සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන් ද නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් සහ සබරගමුව පළාත් මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments