රඹුක්කන සුජාතා විදුහලේ චතුනිට සමස්ත ලංකා චිත්‍ර ජයක්
- 2018-05-18 13:59:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රඹුක්කන සුජාතා විදුහලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්. එම්. චතුනි නෙත්මින්දි හේරත් ශිෂ්‍යාව විදුලිය සුරුකීම හා විදුලි සංරක්ෂණය පිළිබඳ 2017 පාසල් චිත්‍ර තරගයෙන් සමස්ත ලංකා 02 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය මගින් පවත්වන ලද විදුලිය අරපිරිමැස්ම හා ආරක්ෂාව පිළිබඳ 2017 පාසල් චිත්‍ර තරගය පසුගියදා පවත්වනු ලැබුවේ කොළඹ අපේ ගම පරිශ්‍රයේ දීය. ඉන් ජයග්‍රහණය කළ දූ දරැවන්ට සහතික පත්‍ර කුසලාන හා මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලද්දේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීය.
සුජාතා විදුහලේ විදුහල්පති ආර්. ඒ. යූ. එල්. රණවීර මහතාගේ හා චිත්‍ර විෂයය උගන්වනු ලබන නන්දනී හෙට්ටිගේ, ජී. ඩබ්ලිව්. ජී. කරැණාවතී යන ගුරැ භවතුන්ගේ මග පෙන්වීම මේ අයට ලැබිණි.
(කෑගල්ල කපිල නන්දලාල්)
Reply To:
Name - Reply Comment
0 Comments