Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

‘ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අපේක්ෂාව වන්නේ වාණිජ විනෝදයක් ලබා දීමට නොව සංස්කෘතික  විනෝදයක් ලබා දීමයි. ආසියාවේ මුල්ම ගුවන් විදුලිය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ වීම අපට මහත් ආඩම්බරයකි.“
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා එසේ ප්‍රකාශ කළේ රැවනාර ළමා සමාජයේ හත් වැනි රුස්වීම් වාරයේදීය. ඒ කුමාරතුංග මුනිදාස මැදිරියේදීය. 
හත් වැනි සභා වාරයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ප්‍රවීණ පුවත්පත් කලාවේදී හා ලේඛක තිලකරත්න කුරැවිට බණ්ඩාර මහතා මෙසේ ප්‍රකාශ කළේය.
‘ තොරතුරැ ලබා ගැනීමට මාධ්‍ය බහුල වී තිබෙන මේ කාලයේ දරැවන් එයින් නිසි ප්‍රයෝජන ගත යුතුයි. ඉතාම වැදගත් වන්නේ නිස්සාර විනෝදයට යොමු නොවීමයි. දරැවන් සිතිය යුත්තේ සමාජයටත් තමන්ටත් යෝග්‍ය වන ලෙස තමන්ගේ නිර්මාණශීලී කටයුතු හසුරැවා ගැනීමටයි. ලියන්නට, ගයන්නට, අඳින්නට, සරසන්නට ආදි නොයෙක් ආකාරයෙන් තමන්ගේ නිර්මාණශීලී කටයුතු හසුරැවා ගන්නට ඔවුනට පුළුවන්. රැවනාර ළමා සමාජය දරැවන්ට අලුත් වේදිකාවක් තනා දී තිබෙනවා. දරැවන් එයින් ප්‍රයෝජන ගත යුතුයි.“
රැවනාර ළමා සමාජය මෙහෙයවන ලද්දේ සභාපති චමත් පියුමාල් පුතණුවන් හා ලේකම් ශෂිනි විදර්ශනා  මාතරආරච්චි දියණිය විසිනි. ෂොවිනි කහවේවිතාන, නර්තන දසුනි, නිශ්මි නවෝදා, අචින්ත සහන්, තරැකි ලක්නාරා, නෙහා දෙව්මිණි, පුරිඳු පරණවිතාන, නදිල් පහන්මිත් ඇතුළු දරැ දැරියෝ ගීත වැඩසටහන් ඉදිරිපත් කළහ.  සංගීතය සැපයූ ළමා වාද්‍ය වෘන්දය මෙහෙයවන ලද්දේ තනුර මංජිත පීරිස් පුතණුවන් විසිනි.   කඩුවෙල එකමුතු ළමා සමාජය විසින් ඉදිරිපත් කරන ලද ‘හපන්කම්‘ නම් වූ වැඩ සටහනට ඇතුළත් වූයේ තම ප්‍රදේශයේ ජනයා සදාචාර සම්පන්න කිරීමට දරැවන් විසින්ම ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරයක තතුය. දරැවන්ට මේ සමාජය වෙනස් කළ හැකි බව ඔවුන්ගේ වැඩ සටහනෙන්  තහවුරැ කෙරැණි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් රැවනාර ළමා සමාජය සඳහාම නිර්මාණය කරන ලද ‘අකුරැ සැහැල්ල දරැවන් පිරිසක් විසින් ප්‍රාසාංගික  ලෙස ඉදිරිපත් කෙරැණි.    රැවනාර ළමා සමාජයේ හත් වැනි රුස්වීම් වාරයට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවා අධ්‍යක්ෂ භාතිය ජයතිලක මහතාද, කාන්තා වැඩසටහන් සහකාර අධ්‍යක්ෂිකා අශෝකා බාලසූරිය මහත්මියද සහභාගි වූහ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ නිෂ්පාදිකා ප්‍රියන්තනී ගමගේ යහම්පත් නැන්දාගේ මෙහෙවීම යටතේ රැවනාර ළමා සමාජයේ ගුවන් විදුලි විකාශනය සෑම මසකම අවසාන සතියේ සෙනසුරාදා ප.ව. 5.00 සිට 5.45 දක්වා විකාශ කෙරේ. හත්වැනි රුස්වීම් වාරයේ වැඩසටහන විකාශනය වන්නේ සැප්තැම්බර් 30 වැනිදාය. 91.7 හෝ  91.9 ගුවන් විදුලි නාළිකා මගින් මෙම වැඩ සටහන ශ්‍රවණය කළ හැකිය. 
රැවනාර ළමා සමාජය, ස්වදේශීය සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොළඹ 7 ලිපිනයට තම නම, ලිපිනය හා දුරකථන අංකය සහිතව දන්වා එවීමෙන් එහි මී ළග රුස්වීමට සහභාගි වීමට දරැවන්ට අවස්ථාව ලබා ගත හැකිය.  
(ඡායාරෑප: රැසිරැ තරංග) 

DSC_2395 DSC_2398 DSC_2400 DSC_2403 DSC_2409 DSC_2410 DSC_2412 DSC_2415 DSC_2422 DSC_2433 DSC_2438 DSC_2441 DSC_2450 DSC_2453 DSC_2455 DSC_2457

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.