රිදීමාලියද්දට පරිගණක පාසලක් සියලු පාඨමාලා නොමිලේ
- 2018-08-31 21:49:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බදුල්ල ,රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා ඒ අවට ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන් ඇතුළු තරැණ තරැණියන්ට පරිගණක තාක්ෂණය පිළිබඳව නොමිලේ දැනුම ලබාදීම උදෙසා ‘නේත්‍රා පැහැසරණ පදනම’ මෙහෙයවීමෙන් ස්ථාපිත කරන ලද ‘නේත්‍රා පරිගණක පාසල’ පසුගියදා විවෘත කෙරිණ. ඒ එම පාසලේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් එහි විධායක අධ්‍යක්ෂ රැහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජයන්ත පස්දුන්කෝරලගේ, කළමනාකාර අධ්‍යක්ෂ රැහුණු විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර භාෂාව පිළිබඳ මහාචාර්ය ආනන්ද රැහුණුහේවා, අධ්‍යක්ෂ මණ්ඩල මෙහෙයුම් ප්‍රධානී ජ.වි.පෙ.මධ්‍යම කාරක සභික හා ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙනි.
ආරම්භක සිසුන්ට පාඨමාලා ශිෂ්‍යත්ව ප්‍රදානයද එදින ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.
එම අවස්ථාවට ඌව පළාත් සභා මන්ත්‍රී ආර්.එම්.ජයවර්ධන, රැහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය ධර්මා රාජපක්ෂ මහත්මිය සහ මේ සඳහා පරිගණක හා වායුසමීකරණ යන්ත්‍ර පරිත්‍යාග කළ කොළඹ මැනිං වෙළඳපොළේ ව්‍යාපාරික ප්‍රජාවද ප්‍රදේශවාසීහු විශාල පිරිසක්ද සහභාගි වූහ.
ඌව බිම්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගිරාඳුරැකෝට්ටේ ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ පරිවේනාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය නාපටවෙල ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි නේත්‍රා පැහැසරණ පදනමේ මෙහෙයවීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වැටුප් අරමුදල සහ අනුග්‍රාහක භවතුන්ගේ උදව් ඇතිව රිදීමාලියද්ද විමුක්ති සංසදයේ ශ්‍රම දායකත්වය මත පිහිටුවන ලදී.
( සටහන හා සේයාරෑ: හාලිඇල විජේරත්න රත්නායක)
Reply To:
Name - Reply Comment
0 Comments