‘රුවනාර‘ ළමා සමාජයේ 11 වැනි සභාවාරයදා...
- 2017-12-15 19:51:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නිෂ්පාදනය කරනු ලබන රුවනාර ළමා සමාජ වැඩසටහන ප්‍රවීන සාහිත්‍ය දේශක ප්‍රේම් රංජිත් විජේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ දී පැවැත්විණ. දිවයින පුරා විසිර සිටින පාසල් සිසු සිසුවියන් රැසකගෙන් සමන්විතව රුවනාර ළමා සමාජය රැස් වී තිබිණ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ නිෂ්පාදිකා ප්‍රියන්තනී ගමගේ යහම්පත් මහත්යගේ මෙහෙවීම යටතේ රුවනාර ළමා සමාජයේ ගුවන් විදුලි විකාශනය සෑම මසකම අවසාන සතියේ සෙනසුරාදා ප.ව. 5.00 සිට 5.45 දක්වා විකාශ කෙරේ. හත්වැනි රැස්වීම් වාරයේ වැඩසටහන විකාශ වන්නේ සැප්තැම්බර් 30 වැනි දිනය. 91.7 හෝ 91.9 ගුවන් විදුලි නාලිකා මගින් මෙම වැඩ සටහන ශ්‍රවණය කළ හැකිය.
රුවනාර ළමා සමාජය, ස්වදේශීය සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොළඹ 7 ලිපිනයට තම නම, ලිපිනය හා දුරකථන අංකය සහිතව දන්වා එවීමෙන් එහි මී ළග රැස්වීමට සහභාගි වීමට දරුවන්ට අවස්ථාව ලබා ගත හැකිය.
ඡායාරූප: රුෂිරු තරංග
Reply To:
Name - Reply Comment
0 Comments