ලෝක ආහාර දිනය හා සමගාමීව සැබෑ ශ්‍රී ලාංකික රසය රුගත් ‘‘ආහාර උත්සවය’’ දා...
- 2017-12-06 12:33:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ආහාර දිනය හා සමගාමීව සැබෑ ශ්‍රී ලාංකීක රසය රුගත් ‘‘ආහාර උත්සවය’’ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරැව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පසුගිය දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ආහාර හා පෝෂණය සඳහා ජෛව විවිධත්ව ව්‍යාපෘතිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය උත්සවය සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකාවේ විවිධ දිස්ති‍්‍රක්කවල ආහාර විවිධත්වය විදහා දක්වන ප්‍රදර්ශන කුටි 36ක් මෙහි ඇතුළත්වුණි. දිස්ත්‍රික්ක විසි පහකින් හා අන්තර් පළාත් බල ප්‍රදේශ හයකින් තෝරා ගත් තරගකරැවන් අතර පැවැති ආහාර පිසීමේ තරගාවලියෙන් ජයග්‍රහණය කළ තරගකරැවන්ට ත්‍යාග ප්‍රදානෝත්සවය ද මෙහි දී සිදු කෙරැණි. ආහාර හා මානව පෝෂණය සඳහා ජෛව විවිධත්වය භාවිත කිරීම සම්බන්ධව සාකච්ඡා, සම්මන්ත‍්‍රණ හා වීදි නාට්‍ය සංදර්ශන ද පැවැත්වුණි.
දේශීය විද්වත්තු, පාසල් සිසුහු, විශ්ව විද්‍යාල සිසුහු, කෘෂිකර්ම විද්‍යාල වල අධ්‍යාපනය ලබන සිසුහු මහජනතාව ඇතුළු තුන් දහසකය අධික පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගි වූහ.
(සටහන හා ඡායා ශිරෝන් ස්වර්ණසිරි)
Reply To:
Name - Reply Comment
0 Comments