වත්තේගම කලාපයේ උසස් පෙළ සිසුන්ට වැඩමුළුවක්
- 2018-04-01 15:26:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින, සිසුන් තුළ යහපත් මානසික පසුබිමක් ඇති කිරීම හා වඩාත් නිරවුල් මානසිකත්වයෙන් යුතුව විභාග අභියෝගය ජයගැනීම සඳහා සහයක් ලෙස මනෝසායන නමින් විශේෂ වැඩමුළු මාලාවක් පළාත් මාධ්‍ය ඒකකය මගින් පැවැත්වුණි.
මෙම වැඩසටහන යටතේ වත්තේගම කලාපයේ 2018 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින, සිසු සිසුවියන් පවත්වන ලද වැඩසටහන මඩව, මදිනා ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මෙම ව්‍යාපෘතිය පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය අසංක ජයරත්න මහතා විසින් මෙහෙයවන ලදී.
මෙම වැඩසටහන සඳහා වත්තේගම කලාපයේ වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහල, වත්තේගම බාලිකා මහ විදුහල, හුරිකඩුව බාලිකා මහ විදුහල, පන්විල රාජසිංහ විදුහල, සමුද්‍ර දේවි බාලිකා විදුහල, මැණික්හින්න මහ විදුහල, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල, වත්තේගම මධ්‍ය මහා විද්‍යාලය, ශ්‍රී රතන ජෝති මහා විද්‍යාලය, සිරිමල් වත්ත මහ විදුහල, පරණගම මහ විදුහල, මහනුවර ආදර්ශ විදුහල යන විද්‍යාලවල සිසු සිසුවියෝ පිරිසක් සහභාගී වූහ.
(කුණ්ඩසාලේ වාර්තාකරැ)
Reply To:
Name - Reply Comment
0 Comments