වනරෝපා 2018 අධ්‍යාපනික තරගාවලිය ගාල්ල දිස්ත්‍රික් ජයග්‍රාහකයන්ට තෑගි හා සහතික
- 2019-07-31 14:49:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික රැක් රෝපණ වැඩසටහන නිමිත්තෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබු වනරෝපා 2018 අධ්‍යාපනික තරගාවලියේ ගාල්ල දිස්ත්‍රික් ජයග්‍රාහකයන්ට සහතික හා ත්‍යාග ලබා දිමේ වැඩසටහන ලබුදුව සිරිධම්ම විද්‍යාලයේදී පැවැත්වුණි.
පෝස්ටර් සහ රචනා තරගාවලිය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සිසු සිසුවියෝ 80 දෙනෙක් පමණ සහභාගි වුහ. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතික පත් ලබා දීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා විසින් සිදුකරන ලදී.
මෙහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල දිසා වන නිලධාරී මොහාන් හීනටිගල මහතා පැමිණි සිටි ආරාධිත සමරැ සිහිවටනයක් ලෙස අමුත්තන්ට “බටදොඹ“ පැළ ලබාදීම විශේෂ සිදුවීමක් විය. මේ අවස්ථාවට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකොන් මහතා ද එක්ව සිටියේය.

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
Reply To:
Name - Reply Comment
0 Comments