වලහන්දූව ජනාධිපති බාලිකාවේ ජ්‍යෙෂ්ඨ බාල දක්ෂිකාවන්ට පදක්කම්
- 2018-09-06 22:43:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකාවනට පදක්කම් පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පතිනි ඩබ්.ඒ.පී.රේණුකා, නියෝජ්‍ය විදුහල්පතිනි සහ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ නායිකා චමිලා මෙන්ඩිස් යන මහත්මීන්ගේ මග පෙන්වීම මත විද්‍යාලයේ බාලදක්ෂ නායිකාවන් වන ප්‍රදීපා ප්‍රියදර්ශනී හේවගේ, දිමුතු දර්ශනී යන මහත්මීන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
ප්‍රාදේශීය බාලදක්ෂිකා කොමසාරිස් නිමාලි ජයවික්‍රම, හිටපු ප්‍රාදේශීය බාලදක්ෂිකා කොමසාරිස් සරෝජා ප්‍රනාන්දු, කුඩා මිතුරි ප්‍රාදේශීය කොමසාරිස් දීප්ති කොඩිතුවක්කු යන මහත්මීන් අතින් ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකාවනට පදක්කම් පැලඳවීම සිදුවිය.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments