වස විසෙන් තොර ආහාර පිළියෙල කිරීමේ තරගාවලිය පළමු තැන හම්බන්තොට තංගල්ල පිරිමි ජාතික පාසලට
- 2019-07-31 14:44:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධානය කළ 2018 දකුණු පළාත් අන්තර් පාසල් වස විසෙන් තොර ආහාර පිළියෙල කිරීමේ තරගාවලියේ ප්‍රථම ස්ථානය හම්බන්තොට තංගල්ල පිරිමි ජාතික පාසලට හිමි විය.
එම තරගාවලියේ දෙවැනි ස්ථානය අම්බලන්ගොඩ පී.ද.එස්. කුලරත්න විද්‍යාලයටත් තෙවැනි ස්ථානය හම්බන්තොට හොරේවෙල මහා විද්‍යාලයටත් සිව්වැනි ස්ථානය මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයටත් පස් වැනි ස්ථානය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයටත් හිමි විය.
තෙදින පුරා ගාල්ල නගර සභා පරිශ්‍රයේදී පැවැති මෙම තරගාවලියට දකුණු පළාතේ පාසල් එකසිය දාහතක් සහභාගි වූහ. ජයග්‍රහණය හිමිකරගත් පාසල් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් කෘෂිකර්ම ඇමති යු.ජී.ඩී. ආරියතිලක යන මහත්වරැ අතින් සිදුවිය.
Reply To:
Name - Reply Comment
0 Comments