වාණිජ අංශයේ ප්‍රථමයා වූ මාතර සුජාතාවේ දුලානිට ගමෙන් උපහාර
- 2018-01-07 13:09:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගත් මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ එස්.ඒ.දුලානි රසන්තිකා සිසුවියට උපහාර දැක්වීමේ උත්සවයක් අපරැක්ක ආගරවල දිනේෂිකා පෙර පාසලේ දී පැවැත්විණි. ආර්ථික දුෂ්කරතා මැද කිලෝ මීටරයකටත් වඩා උදේ සවස පා ගමනින් පාසලට ගොස් බාධා කම්කටොලු මැද ඇය එම ජයග්‍රහණය ලබා ගැනීම නිසා මාධ්‍යවේදී ක්‍රිෂාන් ජිවක ජයරුක් සමග ගම්වාසීන්, දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබිණි. දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් රංජිත් යාපා,මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ,මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ජී.එච්.මාරපන,ගන්දර පොලීසියේ ස්ථානාධිපති කපිල බණ්ඩාර යන මහත්වරු ඇතුළු ආරාධිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි සහභාගී වුහ.
ඡායාරූප-ක්‍රිෂාන් ජීවක ජයරුක්ගේ Facebook පිටුවෙනි)
සබැඳි පුවත්--------
Reply To:
Name - Reply Comment
0 Comments